Welcome to 5 Path English Method
Location Makola South,Makola

01.ඉංග්‍රීසි ඉගැන්වීමේ නව ක්‍රමවේදයක ජාතික අවශ්‍යතාවය.

පෙර කිසිදා නොවූ විරූ ලෙස, කෙනෙකුට තම අනාගතය ගොඩනගා ගැනීමට ඉංග්‍රීසි භාෂාමය දැනුම අත්‍යාවශ්‍ය වී ඇති යුගයකයි අපි දැන් සිටින්නේ. රටේ පවතින සමාජ ආ3⁄4ථික කටයුතු හා එහි ඉදිරි ගමන දෙස බලන විට එම අවශ්‍යතාවය දිනෙන් දින ඉහළ යමින් පවතින බව ද පෙනෙන්නට ඇත.

මෙම භාෂාමය අවශ්‍යතාවයෙන් දරුවන් ව පෝෂණය කිරීමට රජය අතිවිශාල මුදල් ප්‍රමාණයක් වැය කරමින් පාසල් කාලය තුළ වසර 10 ක් පමණ හා ඉන් අනතුරුව විශ්වවිද්‍යාල කාලය තුළ තවත් වසර 4 ක් පමණ රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළත්, එය අසා3⁄4ථක වී ඇති බව ඉතා පැහැදිළි ය. එබැවින් මෙම ජාතික අවශ්‍යතාවය දරුවන් වෙනුවෙන් ඉටුකර දීමේ නාමයෙන් බිහි වී ඇති පෞද්ගලික අධ්‍යාපන ක්‍ෂේත්‍රය වෙනුවෙන් ද වසර 15 ක් 20 ක් පමණ දෙමව්පියන්ට හා දරුදැරියන්ට ඔවුන්ගේ වටිනා කාලය හා මුදල් වැය කිරීමට සිදු වී ඇත.

වසර 15 ක් 20 ක් උත්සාහ කළත් මෙම අංශ දෙක මගින් ම අති බහුතරයක් දෙනෙකුට තම ඉංග්‍රීසි භාෂාමය අවශ්‍යතාවය සපුරාගැනීමට නොහැකි වී ඇත්තේ අපේ රටේ ඉංග්‍රීසි උගන්වන ක්‍රමවේදය අපේ රටට නොගැළපෙන බැවිනි. (කෙනෙක් තම මව් භාෂාව ඉගෙන ගන්නා ආකාරය හා දෙවන භාෂාවක් ඉගෙන ගන්නා ආකාරය එකිනෙකට වෙනස් බැවින් කිසියම් ජාතියක් තම මව් භාෂාව ලෙස භාෂාවක් ඉගෙන ගන්න භාවිතා කරන ක්‍රමවේදයන් එම භාෂාවම දෙවන භාෂාවක් ලෙස ඉගෙන ගන්නා අයට කිසිසේත්ම නොගැළපේ. අපේ රටේ ඇත්තේ ඉංග්‍රීසි ජාතිකයින් තම මව් භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව ඉගෙනගැනීමට භාවිතා කරන ක්‍රමයයි. එම ක්‍රමය දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගෙන ගන්න අපේ රටේ ජනතාවට කිසිසේත්ම නොගැළපේ.) මෙම තත්වය අද වන විට රට තුළ විවිධ සමාජ ආ3⁄4ථික ගැට ̈ ඇතිවන මට්ටම දක්වා ද ව3⁄4ධනය වී ඇත. එබැවින් ඉංග්‍රීසි ඉගැන්වීමේ නව ක්‍රමවේදයක ජාතික අවශ්‍යවයක් අප රට හමුවේ ඇති බව ඉතා පැහැදිළි ය.